1GB MEMORY CARD TO 2GB

change windows logon background

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතටම! Read more

HIDING DATA COPY

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

hitec zone

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 4

HITECZONE

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Slide # 5

HITEC ZONE WITH EDULINE WEB

hiteczone "අධි තාක්ෂණික කලාපය" තාක්ෂණය ඔබෙි දෝතට Read More

Sunday, June 8, 2014

පරිගණක වෛරස ගැන දැනගන්න .....


පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්‍රමලේඛයකි.
වෛරස යන පදය බහුලව නමුත් වැරදියට , විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය. වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය. උදාහරණ ලෙස පරිශීලකයා ජාලයක් හෝ අන්තර්ජාලය තුළින් යැවීම , සුනම්‍ය තැටි , CD හෝ USB ධාවන වැනි තැනින් තැනට ගෙන යා හැකි මාධ්‍ය මගින් රැගෙනයාම දැක්විය හැකිය. තවද ජාලගත ගොණු පද්ධති හෝ වෙනත් පරිගණක මගින් ප්‍රවේශ විය හැකි ගොණු පද්ධතිවල ගොණු අසාදනය වීම මගින් ද වෛරස පැතිරිය හැකිය. වෛරස සමහර විට පරිගණක වර්මිස් හා ට්‍රෝජන් හෝර්ස් (Trojan horses) සමග පැටලේ. පරිගණක වර්ම්ස්වලට සත්කාරකයක උදව්වට නොමැතිව වෙනත් පරිගණකවලට පැතිරිය හැකි අතර ට්‍රෝජන් හෝර්ස් යනු හානිදායක ‍නොවන ලෙස පෙනෙන ගොණුවකි. වර්ම්ස් හා ට්‍රෝජන , පරිගණක පද්ධතිවල සත්කාරක දත්තවලට ප්‍රායෝගික කාර්ය ඵලයට හෝ ජාලකරණයට හානිදායක විය හැකිය. සාමාන්‍යයෙන් වර්ම් ඇත්ත වශයෙන්ම පද්ධතියේ මෘදුකාංගවලට හෝ දෘඩාංගවලට හානි නොකරයි. ඒ අතර ක්‍රියාත්මක වූ විට ට්‍රෝජන් මගින් ඕනෑම ආකාරයේ හානියක් සිදුවිය හැක. ක්‍රමලේඛය ක්‍රියාත්මක නොවන විට සමහරක් ඒවා දැකිය නොහැකි වේ. නමුත් ආසාදිත කේතය ක්‍රියාත්මක වූ විගස වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරස සොයා ගැනීම අපහසු වන අතර ඔවුනට ස්පයිවෙයා (spyware) ක්‍රමලේඛ හා රෙජිස්ටර සකසූ භාවිතා කිරීමට සිදුවේ.

වෛරස් වර්ග



Boot Sector Viruses

දෘඩ තැටියේ හෝ වෙනත් දත්ත ගබඩා කිරීමේ මාධ්‍යයක ආරම්භක කොටස් වල පැතිරෙන වෛරස


Companion Viruses

Ms Dos (PC Dos) වලදි වැඩසටනක් ආරම්භ කරනු‍යේ එම වැඩසටනේ නම කෙලින්ම තිරය මත සටහන් කිරීමෙනි. උදා- run.exe එක ධාවනය කිරීමට run කියා හෝ run.exe ලෙස ටයිප් කල යුතුය.

පරිශීලකයා බොහෝ විට පළමු ක්‍රමය අනුගමනය කරයි. නමුත් පරිගණකයේ run.com නමි file එකත් තිබුනොත් වැඩ කරන්නේ run.com වැඩසටහනයි. (ඔබ dos මත වැඩ වැඩටහනක නමක් දිගුවක්(extension) නොමැතිව ධාවනය කරන වි‍ට පළමුව dos මගින් .bat ආකාරයේ වැඩටහනක් ඇත්දැයි සොයයි. පසුව .com හා ඉන් පසුව .exe ආකාරයේ වැඩටහනක් අත්දැයි සොයයි. ඉන් හමුවන පළමු වැඩසටහන ධාවනය කරයි). මෙම ගුණාංගය ප්‍රයෝජනයට ගෙන මෙම වර්ගයේ වෛරස නිර්මාණය කර ඇත. වෛරසය මගින් දැනට පරිගණකයේ ඇති .exe ආකාරයේ ‍ගොනු සඳහා .com ආකාරයේ ‍ගොනු සාදයි. ඒවා තුළ වෛරස තැන්පත් කරයි. ඒ නිසා පළමුව වෛරසය ධාවනය වී පසු‍ව වෛරසය .exe ගොනුව ධාවනය කරවයි. මේ ආකාරයට පැතිරීම සිදුකරයි.
Email Viruses
විද්‍යුත් තැපෑල මාර්ග‍යෙන් පැතිරෙන් වෛරස. සාමාන්‍යයෙන් මෙම වෛරස ස්වයංක්‍රීයව ලිපින එකතු‍වේ (address book) ඇති අනෙකුත් විද්‍යුත් තැපැල් ලිපිනයන්ටද වෛරස‍ය තැපැල් කර යවමින් පැතිරෙයි.


Logic Bombs and Time Bombs

පරිගණකයේ කිසියම් ක්‍රියාවක් හා අනුබද්දව ප්‍රතිචාර දක්වයි.(උදා - ගොනු මකා දැමීමේදී, මුද්‍රිත පිටපත් ලබා ගැනීමේදී) මෙම වෛරස නියමත කාලයකට අනුව ප්‍රතිචාර දක්වයි නම් එයට Time bomb කියා කියයි


Trojan Horses

පිටතින් වෙන වැඩ සටහනක් මෙන් පෙනීසිට, පරිගනකයට අනවසර පුදිගලයන්ට ඇතුලු වීමට සැලැස්වීම, පරිගනකයේ ඇති දත්ත පිටස්තරයන්ට ලබාදීම.


Worms

පරිගණක ජාල හරහා පරිශීලකයාට කිසිදු දැනුම් දීමකින් තොරව පැතිරොන වෛරස වර්ගයක්. බොහෝවිට ඉලක්ක පරිගණකියේ දත්ත විනාෂ කිරීම හෝ දූෂිත කිරීම සිදු කරයි

ලිවිවෙි Dulan Sandaruwan

0 comments:

Post a Comment